02 February 2025


අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



මට්ටක්කුලිය පොලිස් වසමේ අලිවත්තප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 360ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

(colombotimes.lk)