කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ රත්නපුර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊයේ (01) රාත්‍රියේ උඩකඩ මාර්ගයට හැරෙන හන්දිය අසලදී කන්ටේනර් ලොරි රථයක ගැටී පෙරළීගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ස්කූටර් වර්ගයේ එම යතුරුපැදිය පදවාගෙන ගොස් තිබෙන 46 හැවිරිදි කාන්තාව ලොරි රථයට යටවී බරපතල තුවාල ලැබූ බවයි.
අනතුරුව කාන්තාව කඩිනමින් රත්නපුර රෝහලට ඇතුළත් කළද ඇය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ලොරි රථය යතුරුපැදිය පසුකර යාමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සැකකාර ලොරි රථයේ රියදුරු කුරුවිට පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)