02 February 2025


නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්



බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ නිදහස් දිනය නිමිත්තනෙන්.

ඒ අනුව අනිද්දා (04) රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙක්ට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක සඳහන් කළේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරයන්වලදී සිදු කිරීමට නියමිත බවයි.

(colombotimes.lk)