02 February 2025


නොසැලකිල්ලෙන් ආහාර කිලෝග්‍රෑම් මිලියන 1.5ක් කල් ඉකුත් වෙයි



ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ පවතින වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි ඇතුළු ආහාර කිලෝග්‍රෑම් මිලියන 1.5කට අධික ප්‍රමාණයක් කල් ඉකුත් වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව තිබෙනවා.

2023 වසරේදී අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් අතර බෙදා හැරීම සඳහා ලෝක ආහාර වැඩසටහනෙන් ආධාර ලෙස මෙම ආහාර තොගය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

කසකස්තානය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවලින් ලැබී තිබූ එම ආහාර තොගය නිසි කලට බෙදාහැරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මේ වන විට එම ආහාර තොගය කල් ඉකුත් වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර්, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම සහ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අද (02) වේයන්ගොඩ ගබඩා සංකීර්ණයට පැමිණියා.

(colombotimes.lk)