01 July 2025

logo

ලහිරු කුමාර සුවිශේෂී කඩයිමක් පසු කරයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අද (05) ආරම්භ වුණා.

එහි කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන අප්‍රිකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවෙක් වන Aiden Markramගේ කඩුල්ල දවා ගැනීමට ලහිරු කුමාර සමත්වුණා.

ඒ සමඟ ලහිරු කුමාර ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 100 පසුකළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 100 වාර්තා කළ 9වන පන්දු යවන්න ලෙස ඔහු වාර්තා වුණා.

(colombotimes.lk)