දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම සංවිධානය සඳහන් කාලේ තද වැසි සමඟ නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ භූමි චලනයන් සිදුවීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින් ආරක්ෂක උපදෙස් පිළිපැදීම අත්‍යාවශ්‍ය බවයි.
එමෙන්ම නිවාස අවට ඇති කාණු පද්ධති පිරිසිදු කර වැසි ජලය ඉක්මනින් ගලායාමට පහසුකම් සලසන ලෙසත්, නිවසට ඉහළින් පිහිටි බර ගස් සහ අවදානම් සහිත වස්තූන් හැකි තරම් ඉවත් කරන ලෙසත් උපදෙස් ලබාදී තිබෙනවා.
එම සංවිධානය සඳහන් කළේ නිවාස පිටුපස උස පස් කණ්ඩි හරහා වැසි ජලය ගලා නොයන පරිදි ආරක්ෂිත කාණු පද්ධති සකස් කර ගැනීම සහ වහලයෙන් වැටෙන ජලය නිසි පරිදි බැහැර කිරීමට කටයුතු කරන ලෙසයි. 
(colombotimes.lk)
