18 October 2025

logo

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නාය යෑම් පිළිබඳ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව,බද්දේගම යක්කලමුල්ල සහ ඇල්පිටිය යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයත් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ අතරට අයත්.

තවද කළුතර දිස්ත්‍රික්කයේ, වලල්ලාවිට සහ පාලින්දනුවර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලටත් මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, පස්ගොඩ, මුලටියන කොටපොල සහ අකුරැස්ස යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහත් නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයට අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඇහැලියගොඩ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.
(colombotimes.lk)