18 October 2025

logo

ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්



ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, නාගොඩ සහ යක්කලමුල්ල යන ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එය අද උදෑසන 5.30 සිට හෙට (22) උදෑසන 8.00 වනතුරු වලංගු වන බව සඳහන්.

මීට අමතරව බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍ යාදෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු සහ උතුරු-මැද සහ පුත්තලම දිස්ත්‍රික්කය හරහා විටින් විට හමන පැ.කි.මී.40 ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකයි.

මේ හේතුවෙන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.
(colombotimes.lk)