18 October 2025

logo

ඔලිම්පික් ක්‍රීඩිකාවන් අපයෝජනය කළ වෛද්‍යවරයෙකුට වැඩ වරදී



ඔලිම්පික් සහ විශ්වවිද්‍යාල කාන්තා ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ක්‍රීඩා වෛද්‍ය ලැරී නසාර් ට පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

ෆ්ලොරිඩාවේ ෆෙඩරල් බන්ධනාගාරයකදී තවත් රැඳවියෙකු විසින් මෙසේ කිහිප වතාවක්ම පිහියෙන් ඇන ඇති බවයි වාර්තා වන්නේ. 
 
ඒ අනුව නසාර් ගේ පිට ප්‍රදේශය සහ පපුව ප්‍රදේශයට හානි වී ඇති බව සඳහන්. 
 
නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
නසාර් ගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දෙදෙනා කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් අතිකාල සේවා මුර සේවා සඳහා අනිවාර්ය කිරීමෙන් අනතුරුව මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
(colombotimes.lk)