10 March 2025


බෝම්බ තර්ජනයක් හේතුවෙන් ගුවන්යානයක් ආපසු හරවා යවයි



මුම්බායි සිට නිව්යෝර්ක් බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන්යානයක් බෝම්බ තර්ජනයක් හේතුවෙන් අද (10) උදෑසන ආපසු හරවා යවා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 19දෙනෙක් ඇතුළුව පුද්ගලයන් 322 දෙනෙක් රැගත් බෝයිං 777-300 ER ගුවන්යානය ආරක්ෂිතව චත්‍රපති ශිවාජි මහරාජ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට (CSMIA) ගොඩ බැස්සවූ අතර ආරක්ෂක ආයතන වහාම පරීක්ෂාවන් ආරම්භ කළ බවයි.

ගුවන්යානයේ වැසිකිළියක් තුළ බෝම්බ තර්ජන සටහනක් හමු වූ අතර ඒ හේතුවෙන් ගුවන් කාර්ය මණ්ඩලය වහාම පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)