12 July 2025

logo

ජර්මනිය පුරා ගුවන්ගමන් රැසක් අවලංගු කරයි



ජර්මනිය පුරා ගුවන්ගමන් සිය ගණනක් අවලංගු කර තිබෙනවා.

ඒ වැටුප් සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන්.

වෘත්තීය සමිතියක් වන වර්ඩි විසින් මෙහෙයවන ලද මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (09) හැම්බර්ග් ගුවන්තොටුපොළේදී අනපේක්ෂිත ලෙස ආරම්භ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුව එය රට පුරා වැඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත වී තිබෙන බවයි.

දවස පුරා ගුවන්ගමන් දහස් ගණනක් අවලංගු කර බවත් මගීන් 500,00කට වැඩි පිරිසකගේ ගමන් බිමන්වලට බාධා එල්ල වී තිබෙනවා.        

(colombotimes.lk)