10 March 2025


මාරක රිය අනතුරකින් පුද්ගලයන් 09ක් රෝහලට



කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ නාල්ල මංසන්ධිය ප්‍රදේශයේදී අද (10) අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් පාසල් ළමුන් තිදෙනෙක් ඇතුළු 09ක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ බූම් ට්‍රක් රථයක් එකෙනෙක ගැටීමෙන් සිදු වූ බව පොලීසිය සඳහන් කළා.

තුවාල ලැබූ පුද්ගලයන් මීරිගම රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)