19 October 2025

logo

හෙට සහ අනිද්දා උල්කා වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාවක්



ලියෝනිඩ් (Leonid) උල්කාපාත වර්ෂාවේ උපරිමය හෙට (18) සහ අනිද්දා (19) දිනවල ශ්‍රී ලංකාවට හොඳින් දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ආචාර්ය ජනක ජයසූරිය මහතා පවසනවා. 

මෙම දින දෙක තුළ පාන්දර 2.00න් පමණ පසුව නැඟෙනහිර ක්ෂිතිජය ඔස්සේ සිංහ රාශිය දෙස බැලීමේදී මෙම උල්කාපාත දැක බලාගත හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ. 
 
මෙහිදී පැයකට උල්කාපාත 10-15ත් අතර ප්‍රමාණයක් දැකගත හැකි අතර, මෙය උල්කාපාත විශාල සංඛාවක් පෙනෙන එකක් නොවන බව ද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)