උඩරට වතු ආශ්‍රිතව වතුවල නිතර ගැවසෙන දිවියන්ගෙන් තම ජීවිතවලට යම් අනතුරක් සිදුවේදැයි යන බියෙන් එම ප්‍රදේශවල ජනතාව නිරතුරුව ජීවත් වන බව වාර්තා වනවා.
තේ පඳුරු යට සැඟවී සිටින දිවියන් වතුකම්කරුවන්ට දැඩි අනතුරක් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පසුගියදා තේ දළු නෙළන්නෙකුට, තේ පඳුරක් යට බල්ලෙකුගේ මළකුණක් කෑමට ගත් දිවියකු විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එමෙන්ම බගවන්තලාව බ්‍රිඩ්වෙල් වත්තේ සේවිකාවක් සිය සේවා ස්ථානයට යමින් සිටියදී දිවියකු විසින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර රන්දෙණිගල වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී පශු වෛද්‍යවරයා පැවසුවේ, තේ පඳුරු අතරට දිවියන් නිතර ගැවසෙන්නේ නම්, සේවකයන් කෑ ගසා ඔවුන් බිය ගන්වා පලවා හැරීමට කටයුතු කළ යුතු බවත්, දිවියා නිතරම මිනිසුන් මඟහැර යාමට උත්සාහ කරන නින්දිත සතෙකු බවයි.
(colombotimes.lk)