colombotimes.lk
සිංහල | English

17 September 2024


සිංහයන් පුහුණු තරගය පරදියි



එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවති සිව්දින පුහුණු තරගයෙන් කඩුලු 7ක පරාජයක් අත් විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 139ක් රැස් කළ අතර එංගලන්ත ලයන්ස් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 324ක් රැස් කර ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමේදී ලකුණු 306ක් රැස් කරගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත් පළමු ඉනිමේදී ඉදිරියෙන් සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායමට තරගය ජයග්‍රහණය සඳහා හිමි වුණේ ලකුණු 122ක පහසු ඉලක්කයක්.

ඒ අනුව එංගලන්ත ලයන්ස් කණ්ඩායම තරගයේ අවසන් දිනය වූ අද දිනයේදී කඩුලු 3ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළා.

මේ අතර එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 21 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)