01 July 2025

logo

සුරාසැල් දින 02ක් වැසෙයි



නොවැම්බර් 14 සහ 15 යන දෙදින දිවයින පුරා තිබෙන සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ මහ මැතිවරණය නොවැම්බර් මස 14 පැවැත්වීමට නියමිත අතර 15 පොහොය දිනය බැවින් මෙම දින දෙකෙහිම සුරාසැල් වසා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දිවයින පුරා සුරාසල් වසා දැමීමට නියමිත දිනවලදී නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන සුරාසැල් හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් ලබාදී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

(colombotimes.lk)