09 May 2026

logo

මැයි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොවෙයි - ලිට්‍රෝ සමාගම



මැයි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එම සමාගම සඳහන් කළේ ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මිල සංශෝධනයක් සිදුනොකිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,765.00ක මිලටත්, 5kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,910.00ක් මිලටත්,  2.3kgක ගෑස් සිලින්ඩරයක් රුපියල් 890.00ක මිලටත් තවදුරටත් පවතින බවද ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)