වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයක් සහිත තේ වත්තකට පෙරළී තිබෙනවා.
ඒ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ග්ලාස්‌ගෝ වතුයායේදීයි.
එම අනතුරින් ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ලිදුල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
එලෙස රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ මට්ටමක පැවතීම හේතුවෙන් ඔවුන් දෙදෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබෙන බවයි වාර්තා වන්නේ.
වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වීමෙන් ඇති වූ කාර්මික දෝශයක් නිසා ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදී ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදු වී තිබෙනවා.
(colombotimes.lk)
