30 May 2026

logo

ලොරියක් ප්‍රපාතයකට පෙරළෙයි - දෙදෙනෙක්ට බරපතළ තුවාල



තේ දළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ තලවකැලේ ලිදුල ෆාමස්ටන් වතුයායේදීයි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ ගමන්ගත් රියදුරා සහ රිය සහයකයා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රියදුරු මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)