20 May 2026

logo

පත්ල පහත් බස් රථ සේවාව ඇරඹෙයි



ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් පත්ල පහත් බස් රථ සේවාව අද (21) මාකුඹුරින් ආරම්භ කර තිබෙනවා. 

ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.

රෝද පුටු භාවිතා කරන මගීන්ට සහ දෘෂ්‍යාබාධිත මගීන්ට මෙන්ම ගැබිණි මව්වරුන්ටද ඉතා පහසුවෙන් බස් රථයට පැමිණීමට හැකි වන ආකාරයෙන් නිර්මාණය කර ඇති මෙම පත්ල පහත් විශේෂ බස් රථ 10ක් අද (21) ප්‍රවාහන සේවාවට එක් කර තිබෙනවා. 

ඒ අනුව මෙම එක් බස් රථයක මගී ආසන 30කින් සමන්විත වන අතර මෙම බස් රථ සඳහා රෝද පුටුවලින් පැමිණෙන මගීන්ට වෙනමම ආසන වෙන් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)