26 February 2025


මහා ශිව රාත්‍රී දිනය අදයි



ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (26) යෙදී තිබෙනවා.

හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ අසිරිමත් දිනය අදයි.

රාත්‍රී නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට මෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාස බව සැලකෙනවා.

අඳුර දුරු වී ප්‍රඥා ආලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්‍රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍රකර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වීම විශේෂත්වයක්.

(colombotimes.lk)