20 May 2026

logo

මාර්තු මාසයේ මහපොළ ශිෂ්‍යත්ව වාරිකය අද බැංකු ගිණුම් වෙත



ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාර්තු මාසයට අදාළ 10,000ක මහපොළ ශිෂ්‍යත්ව වාරිකය අද (10) බැංකු ගිණුම් වෙත බැර කට තිබෙනවා.

ඒ අනුව එම අරමුදලේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ සඳහන් කළේ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල විසින් ශිෂ්‍යත්ව ගෙවීම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළනංවා ගැනීමට හැකිවීම නිසා මාර්තු මාසයට අදාළ වාරිකය ගෙවීමට නියමිතව තිබෙන දිනට පෙර ශිෂ්‍යත්වලාභී විශ්ව විද්‍යාල සිසුන් වෙත ලබාදීමට හැකි වූ බවයි. 

(colombotimes.lk)