28 January 2026

logo

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති ජීවිතක්ෂයට



ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් ගමන් කළ ගුවන්යානය අනතුරකට ලක්වී තිබෙනවා.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු 06දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. 

ගුවන්යානය මහාරාෂ්ට්‍රයේ බරමති ප්‍රදේශයේ ගුවන් තොටුපොළක් ආසන්නයේ ගොඩබැසීමේදී මෙම අනතුර සිදු වී තිබෙනවා. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා අද (28) බරමතිහි පැවැත්වීමට නියමිත මහජන හමුවකට සහභාගී වීම සඳහා උදෑසන මුම්බායි නුවරින් පිටත් වූ බවයි. 

(colombotimes.lk)