'අවලෝකිතේශ්වර බෝධිසත්ව' නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයා ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කර තිබෙනවා.
ඒ අනුව රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයා හට බුදු දහමට අපහාස කළේ යැයි පසුගියදා චෝදනා එල්ල වුණා.
ඒ අනුව සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, ඔහු මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙස ද නියෝග කෙරුණා.
මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුව මෙසේ ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලේ පැවැත්වෙන මානසික වෛද්‍ය සායනය සඳහා ඉදිරිපත් විය යුතු බවට ද නියම කර තිබෙනවා.
(colombotimes.lk)
