24 August 2025

logo

මහින්දත් බන්ධනාගාර රෝහලට එයි



බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබෙනවා. 

එමෙන්ම අද (23) උදෑසන 9.30ට පමණ සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ද මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

රුධිර පීඩනය ඉහළයාම සහ සීනි මට්ටම ඉහළයාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහව ඊයේ (22) බන්ධනාගාර රෝහළට ඇතුළත් කළා.  

(colombotimes.lk)