දේශපාලන නායකයන්ව සුළු වැරදිවලට සිරගත කිරීම ගැන කණගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ අද (23) පෙරවරුවේ රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශපාලනය කරනවා නම් ඕක උරුම බවත් රනිල් වික්‍රමසිංහ ඒකට මුහුණදෙන බවයි.
මෙවැනි ක්‍රියාවන් පළිගැනීමක් මිස වෙන ක්‍රියාවක් නොවන බවත් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව හොඳින් තේරුම් ගෙන තිබෙන බවත් ඔහු කියා සිටියා.
හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අපි ජනතාවට ආදරේ කරන බවත් එමනිසා ජනතාව අපිට ආදරය කරන බවයි.
(colombotimes.lk)