06 February 2025


මහින්ද ඉදිරිපත් කළ FR පෙත්සම සලකා බැලීමට දින දෙයි



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඔහු විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.  

මෙම නඩුකරයට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ අධිකරණය හමුවේ කියා සිටියා.

ඇය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුකරයට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.

(colombotimes.lk)