මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් ඊයේ (03) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකරව හමුවී තිබෙනවා.
ඒ කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදීයි.
මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දීර්ඝ කාලීන මිත්‍ර සබඳතා පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම ඉන්දියානු සාගර කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ආරක්‍ෂක සබඳතා, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ කලාපීය ආරක්‍ෂක අභියෝගවලට මුහු දීම සඳහා සහයෝගිතා ප්‍රයත්නයන් ඇතුළුව ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම ශක්තිමත් ද්විපාර්ශවික සබඳතාවය පිළිබඳ කර්නල් හසන් අමීර් සිය ප්‍රසාදය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව සමඟ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට මාලදිවයිනේ කැපවීම යළිත් අවධාරණය කර තිබෙනවා.
මෙම හමුව සටහන් කිරීම වෙනුවෙන් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)