ව්‍යාජ හැඳුනුම්පතක් හා ව්‍යාජ රියදුරු බලපත්‍රයක් භාවිත කරමින් මූල්‍ය වංචා සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයෙක් ඊයේ (25) රාත්‍රියේ යක්කල පොලිස් වසමේ බැලුම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 60ක් වන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර ඇති අයෙක් බවයි.
(colombotimes.lk)
