පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි වියේ පසුවන වනමුල්කිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු තංගල්ල ප්‍රදේශයේ සිට පැමිණි කැබ් රථයක් පරීක්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ සුක්ෂම ලෙස සඟවා තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
