හෙරොයින් මත්දව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 830ක් සමඟ සැකකරුවෙක් හෝමාගම, කටුවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන රස්නායකපුර, නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු හෝමාගම, මහරගම හා මරදාන පොලිස් වසම්වලදී ත්‍රීරෝද රථ හතරක් සොරකම් කිරීමේ අපරාධවලට අවශ්‍යව සිටි සැකකරුවෙක් වන බවයි.
ඒ අනුව ඔහු විසින් සොරකම් කරන ලද ත්‍රීරෝද රථ 04ක් පොලිස් භාරයට ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
