ඉන්දියානු කාන්තාවන් දෙදෙනෙකු මැර පිරිසක් විසින් නිරුවතින් පෙළපාලියක ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවීම පසුගිය මැයි 4වන දින ඉන්දියාවේ මනිපූර් හි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මින් එක් කාන්තාවක් සමූහ දූෂණයට ලක්ව ඇති බවද සඳහන්.
වීඩියෝවට අනුව පිරිමින් කිහිප දෙනෙකු, කාන්තාවන් දෙදෙනා සමඟ ඇවිදිමින් ඔවුන්ව ස්පර්ශ කරන ආකාරය දැක්වෙනවා.
මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි ඉන්දීය පොලිසිය පැවසුවේ.
එම වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)