11 July 2025

logo

මනූෂගෙන් හෙට CIDයට ප්‍රකාශයක්



හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර හෙට (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

ඒ දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් එය අධිකරණයට දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)