ඊයේ (25) පීලි පැනීමට ලක්වූ සාගරික දුම්රිය පීලි ගත කොට අද (26) නැවත කොළඹ බලා ධාවනය කිරීමේදී යළි පීලි පැනීමකට ලක්වී තිබෙනවා.
ඒ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් යළිත් අවහිර වී ඇති බවයි.
එමෙන්ම කොළඹ කොටුව හා වැල්ලවත්ත අතර එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
