24 May 2026

logo

ලෙබනනයේ ඉලක්ක 100ක් වෙත දැවැන්ත ප්‍රහාර



ඊශ්‍රායල - හිස්බුල්ලා ගැටුම් හමුවේ එක් දිනයක් තුළ වාර්තා වූ දරුණුතම ප්‍රහාර මාලාව ඊයේ (08) වාර්තා වී තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෙබනනයේ බේරුට් ඇතුළු නගර ඉලක්ක කරමින් ඊශ්‍රායලය විනාඩි 10ක් තුළ ප්‍රහාර 100කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බවයි.

දවස පුරා වාර්තා වූ ප්‍රහාර හමුවේ මේ වන විට පුද්ගලයන් 254දෙනෙක් මිය ගොස් තවත් 1,165දෙනෙක් තුවාල ලබා තිබෙන බව ලෙබනන් සිවිල් ආරක්ෂක ඒජන්සිය ප්‍රකාශ කළා. 

(colombotimes.lk)