20 May 2026

logo

මාතර දිස්ත්‍රික් සමූපකාර ආරෝග්‍යශාලා සංගමයේ සභාපති අත්අඩංගුවට



මාතර දිස්ත්‍රික් සමූපකාර ග්‍රාමීය බැංකු සංගමයේ රුපියල් මිලියන 300ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සීමාසහිත මාතර දිස්ත්‍රික් සමූපකාර ආරෝග්‍යශාලා සංගමයේ සභාපති චමින්ද ප්‍රසන්න ගුණසේකර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු සමූපකාර නීතිරීති උල්ලංඝනය කරමින් වෙනත් ව්‍යාපෘති සඳහා මුදල් යෙදවූවා යැයි පවසා එම මුදල් ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදවා ඇති බවයි.

(colombotimes.lk)