20 May 2026

logo

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්



ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අමර් ප්‍රීත් සිං සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) අතර හමුවක් ඊයේ (19) පවත්වා තිබෙනවා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේදීයි.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ එහිදී ගුවන් හමුදාපති සමඟ ආරක්ෂක ලේකම්වරයා ද්විපාර්ශවිකව වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වූ බවයි.

එමෙන්ම මෙම සැසියට ඉන්දීය ආරක්ෂක උපදේශක ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූ බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)