ගල්කිස්ස - අත්තිඩිය පාර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් තුළ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලා මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ ගල්කිස්ස අපරාධ විමර්ශන නිලධාරීන් එක්ව සිදුකළ වටලිකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වන කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ ඔහු සන්තකයේ තිබී රුපියල් කෝටියකට ආසන්න සන්නිවේදන උපකරණ සොයාගත් බවයි.
(colombotimes.lk)
