01 July 2025

logo

රනිල් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක්



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ 8වන ඉන්දීය සාගර සමුළුව අතරතුරදීයි.

එහිදී ඉන්දියානු සාගර කලාපයේ ද්විපාර්ශවික සහ බහුපාර්ශවික හවුල්කාරිත්වයන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම කලාපීය සහයෝගීතාව සහ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)