නොර්ටන්බ්‍රිජ් නගරයේ සැරිසරන රිළා රංචුවක් හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ද දැඩි අසීරුතාවයට පත්වී තිබෙනවා.
වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාව කියා සිටියේ නොර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ රජයේ රක්ෂිතවල සිට විදුලි රැහැන් සහ දුරකථන රැහැන් දිගේ රංචු පිටින් ආහාර සොයා නගරයට පිවිසෙන රිළවුන් වෙළෙඳසැල්වල අලෙවි කිරීමට තිබෙන බීම වර්ග සහ ආහාරවර්ග බලෙන් රැගෙන යන බවයි.
එම රිළවුන් ප්‍රදේශයේ සිදු කරන වගාවන් සහ පළතුරු ගස්වල හටගන්නා ගෙඩි ද පැහෙන්නට පෙර විනාශ කරන බවද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)