මෙක්සිකානු මැතිවරණ ප්‍රචාරක රැළියකදී වේදිකාවක් කඩා වැටී 9 දෙනෙකු මිය ගොස් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.උතුරු මෙක්සිකෝවේ Nuevo Leon ප්‍රාන්තයේ ඊයේ (22) පැවති මධ්‍යවාදී පුරවැසි ව්‍යාපාරය පක්ෂය සඳහා වූ රැලියේදී තද සුළං හේතුවෙන් එම වේදිකාව කඩා වැටී ඇති බවයි ප්‍රාන්ත ආණ්ඩුකාර සැමුවෙල් ගාර්ෂියා පවසන්නේ.එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක Jorge Alvarez Maynez පවසා ඇත්තේ තමා ප්‍රචාරක කටයුතු අත්හිටුවන බවත්, බලධාරීන් සිදු වූ දේ පිළිබඳව විනිවිදභාවයකින් විමර්ශනය කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.මේ අතර මෙක්සිකෝවේ ජනාධිපතිවරණය ජූනි 2 වැනි දින පැවැත්වීමට නියමිතයි. (colombotimes.lk)