05 May 2026

logo

මැදපෙරදිග යළි ඇවිලෙයි - ඩුබායි සහ සාජා ගුවන් ගමන්වලටත් බාධා



ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ ඩුබායි සහ සාජා බලා ධාවනය වන ගුවන් ගමන් රැසකට බාධා එල්ල වී තිබෙනවා.

 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින අවදානම් තත්වය හේතුවෙන් ගුවන් යානා කිහිපයක් ගුවනේ රඳවා තබා ගැනීමටත් තවත් ගුවන් යානා කිහිපයක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමටත් බලධාරීන් පියවර ගෙන ඇති බවයි.
 
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුහුදු සීමාවට ඉහළින් එල්ල වූ ඉරාන මිසයිල 3ක් සාර්ථකව 
මැඩපැවැත්වීමට තමන් සමත් වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
 
කෙසේ වෙතත් ඉරානයේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන තෙල් වරායක් වන Fujairahහී මේ වන විට විශාල ගින්නක් හටගෙන තිබෙනවා.