30 May 2026

logo

අප්‍රේල් සිට කිරි තේ මිල ඉහළට



එළඹෙන අප්‍රේල් මස සිට කිරි තේ මිල අනිවාර්යෙන්ම ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසනවා.

ඒ ආනයනික කිරිපිට මිල ඉහළ යාමත් සමඟයි.  

අප්‍රේල් මස 01වනදා සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)