දීප ව්‍යාප්තව තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සැලසුම් කර ඇති පසුබිමක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ඒ පිළිබඳව ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඒ අද (15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින්.
එහිදී ඔහු කියා සිටියේ සාකච්ඡා වට ගණනාවක් සිදු කර ඇති පසුබිමක තැපැල් සේවකයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
රජය අදාළ ගැටලු සම්බන්ධයෙන් සාධනීයව මැදිහත් වෙමින් සිටින පසුබිමක මෙලෙස වැඩවර්ජනයකට යොමුවීම තුළින් තැපැල් සේවයට කිසිදු වාසියක් අත්නොවන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)