විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ජිනීවා බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ හෙට (08) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60වෙනි සැසිවාරයට සහභාගීවීම සඳහායි.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම සැසිවාරය අතරතුර අමාත්‍යවරයා ඉහළ පෙලේ රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිප දෙනෙක් සමඟ ජිනීවා නුවරදී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
එමෙන්ම එහිදී එකසත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk සමඟ විශේෂ හමුවක් පැවැත්වීමටද නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)