08 September 2025

logo

කමිල්ගෙන් සහ පෙරේරාගෙන් සුපිරි හඹායාමක් - තරගාවලි ජයත් සිංහයන්ට




සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි T20 තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

ඒ දෙරට අතර පැවති අවසන් t20 තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස් කිරීමට සමත්වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4ක් පමණක් වැය කරමින් කඩුලු 2ක් දැවී සිටියදීන් තරගය ජයග්‍රහණය කළා.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 33ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස් කරගත්තා.

එමෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය කමිල් මිෂාර පන්දු 43කින් ලකුණු 73ක් සහ කුසල් පෙරේරා පන්දු 26කින් ලකුණු 46ක් රැස් කළා.

ඒ අනුව දෙරට අතර පැවති තරග 3කින් සමන්විත T20 තරගාවලියේ ජය තරග 2ට 1ක් ලෙස තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

(COLOMBOTIMES.LK)