08 September 2025

logo

කමිල් මිෂාරගෙන් අර්ධ ශතයක්



ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් T20 තරගය මේ වන විට හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චරිත අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව මෙහි පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස් කිරීමට සමත්වුණා.

මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට නවක පිතිකරු කමිල් මිශාර සමත්වුණා.

මෙය ඔහු ජාත්‍යන්තර T20 පිටියේ රැස් කළ පළමු අර්ධ ශතකයයි.

(COLOMBOTIMES.LK)