පලස්තීනයට සහය දක්වමින් ඊයේ (06) ලන්ඩන් නුවර පැවති විරෝධතාවයක් අතරතුර එරට පොලීසිය විසින් පුද්ගලයින් 300ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම විරෝධතාවය සඳහා 1,500ක පමණ පිරිසක් එක්ව සිටි අතර පැලස්ටයින් ඇක්ෂන් ගෘෘප් නම් බ්‍රිතාන්‍ය තුළ තහනම් සංවිධානයක් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි.
එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේදී ද මෙවැනිම විරෝධතාවයක් අතරතුර 500ක පමණ පිරිසක් අත්අඩංගුවට ගැනිමට එරට පොලීසිය කටයුතු කර තිබුණා.
(colombotimes.lk)