08 September 2025

logo

පූර්ණ චන්ද්‍රග්‍රහණය ලංකාවට දිස් වූ අයුරු



ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට ඊයේ (07) රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළ ආකාරයට පූර්ණ චන්ද්‍රග්‍රහණය ඊයේ (07) රාත්‍රී 8.58 සිට අද අලුයම 2.25 දක්වා දර්ශනය වුණා. 

සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන විට, පෘථිවියේ වඩාත් අඳුරු වූ පූර්ණ ඡායාව තුළින් චන්ද්‍රයා ගමන් කිරීම හේතුවෙන් පැයකුත් විනාඩි 22ක කාලයක් සඳ අඳුරු වීම මෙහිදී සිදු වුණා. 

මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ 2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක් නොලැබෙන බවයි. 




(colombotimes.lk)