මාධ්‍යයන්හි ප්‍රචාරය වූ අසත්‍ය තොරතුරක් ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්



ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරීක්‍ෂා කිරීම සඳහා විවිධ අවස්ථාවන්හිදී පැමිණි හමුදා ප්‍රධානීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් 2022 වර්ෂයේදී විශාල මුදලක් වැය කර ඇති බවට වැරදි අර්ථකථනයක් ලබාදෙමින් මාධ්‍යයන්හි ප්‍රචාරය වූ කරුණුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කරනවා. 

ඒ අනුව 2022 වසරේදී පැවති ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව සඳහා විදෙස් රටවල හමුදා නිලධාරීන් 25 දෙනෙකු සහ මෙරට හමුදා නිලධාරීන් 123 දෙනෙකු ඇතුළුව හමුදා නිලධාරීන් 148 දෙනෙකු සහභාගී වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පැවසුවේ. 
 
මේ අනුව එම සම්පුර්ණ වියදම් සිදුකර ඇත්තේ ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සංග්‍රහ කටයුතු සඳහා පමණක් නොවන බව එම නිවේදනය හරහා ප්‍රකාශ කර සිටින අතර, මාධ්‍ය මඟින් වැරදි අර්ථකථනයක් ලබාදීම පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය කණගාටුව ප්‍රකාශ කරන බවයි දන්වා ඇත්තේ. 
 
මේ සම්බන්ධව ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)